Get Mystery Box with random crypto!

අපි ජීවත්වන තත්පරයක් , විනාඩියක් , පැයක් , දවසක් , මාසයක් , වස | CMPM 2023

අපි ජීවත්වන තත්පරයක් , විනාඩියක් , පැයක් , දවසක් , මාසයක් , වසරක් ගානෙ අපි වයසට යනවා…
ඒකියන්නේ අපි ගෙවන්න නියමිත ආයුෂ ටිකෙන්ටික අඩුවෙනවා…
අලුත් වසරක් උදාවන මොහොත කියන්නේ ඒගැන හිතන්න හොඳ දවසක්…
අපිට තවමත් මේ ජීවිතේ තුළ,
ලඟාකරගන්න බැරිවුන targets මොනවද?
ඒවෙනුවෙන් අලුත් අවුරුද්දෙ මොනවද මම කරන්නෙ? මොනවද සැලසුම්?
තවමත් මට හදාගන්න බැරිවුන හැකියාවන් මොනවද? කොහොමද ඒවා මම හදාගන්නෙ?
විශේෂයෙන්ම තවමත් මට ඇති කරගන්න බැරිවුණ උත්තම මිනිස් ගුණධර්ම මොනවද???
ආත්මාර්ථය පසෙකලා පරාර්ථය වෙනුවෙන් මොනවද මම කරලා තියෙන්නේ?
මම මේලෝකෙ යහපත්ව ජීවත්වුන බව ස්වභාවධර්මයට දැනෙන්න මොනවද මම කරල තියෙන්නේ???

වහ වහා ඒ හැකියාවන්, ඒ ගුණධර්ම
ජීවිතයට එකතු කරගන්න දැඩි අධිෂ්ඨානයක් ගනිල්ලා…ඊලඟ අවුරුද්ද ලබනකොට අපි ඉඳීවිද කියලා කවුද දන්නේ???
ඒනිසා අද ඉඳලා ජීවිතේ ගෙවන හැම දවසම අර්ථවත්ව ගෙවපල්ලා…හදපතුලෙන්ම තමන්ගැන අභිමානයක් දැනෙන්න ජීවත්වෙන්න හිතට ගනිල්ලා…
තෙරුවන් සරණයි….